2018 හොඳම Games | දෙවන කොටස - Games of the Year 2018 | Part 2 (The Game Awards 2018)
අපේ කලින් post එකේදී අපි The Game Awards ගැනත් සම්මාන දිනපු games ගැන විස්තර කලා. ඒ වගේම තව සම්මාන කීපයක් ගැන මේ post එකේදී කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කලින් post එක කියවන්න ඕනේ නම් මේ link එක click කරන්න.
වසරේ හොඳම Independent Game එක - Celeste
මේ කාණ්ඩයෙන් සම්මාන ලබා දෙන්නේ කුඩා company එකකින් හදපු games වලට. මේ games ගොඩාක් වෙලාවට හදන්නේ 10 දෙනෙක් වගේ ඉතා කුඩා කණ්ඩායමකින්, සමහර විට තනි පුද්ගලයෙක් වෙන්නත් පුලුවන්. මේ අවුරුද්දේ මේ සම්මානයට නම් කරපු games ටික වෙන්නේ,
- Celeste
- Dead Cells
- Into the Breach
- Return of the Obra Dinn
- The Messenger
මේ අතරින් Celeste මේ සම්මානය දිනා ගත්තා.
වසරේ හොඳම Mobile Game එක - Florence
මේ සම්මානය ලබා දුන්නේ වසරේ හොඳම Mobile game එකට. Android, IOS වගේ platforms වලට ආපු games මේකට නම් කරා. මේ අවුරුද්දේ මේ සම්මානයට නම් කරපු games ටික වෙන්නේ,
- Donut County
- Florence
- Fortnite
- PUBG Mobile
- Reigns: Game of Thrones
මේ අතරින් Florence ජයග්‍රහණය කරා.
වසරේ හොඳම VR/AR Game එක - ASTRO BOT Rescue Mission
ලෝකය මවිත කරපු VR games වගේම ලෝකෙම ආදරය දිනාගත්ත AR games වලින් මේ අවුරුද්දේ හොඳම game එකට ලැබුන සම්මානය තමයි මේක. මේ අවුරුද්දේ මේ සම්මානයට නම් කරපු games ටික වෙන්නේ,
- ASTRO BOT Rescue Mission
- Beat Saber
- Firewall Zero Hour
- Moss
- Tetris Effect
මේ කාණ්ඩයේ ජයග්‍රාහකයා වුනේ ASTRO BOT Rescue Mission game එකයි.
වසරේ හොඳම Action Game එක - Dead Cells
Action game එකකට අකමැති කවුද? මේ අවුරුද්දේ අපු game අතරින් මේ සම්මානේ ලැබුනේ Dead Cells game එකට.
මේ සම්මානයට නම් කරපු games ටික වෙන්නේ,
- Call of Duty: Black Ops 4
- Dead Cells
- Destiny 2: Forsaken
- Far Cry 5
- Mega Man 11
වසරේ හොඳම Action/Adventure Game එක - God of War
එක එක විදිහේ Action/Adventure games ගොඩක් මේ අවුරුද්දේ release උනා. ඒ අතරින් හොඳම game එක විදිහට God of War සම්මාන ලැබුවා.
මේ අවුරුද්දේ මේ සම්මානයට නම් කරපු games ටික වෙන්නේ,
- Assassin's Creed: Odyssey
- God of War
- Marvel's Spider-Man
- Red Dead Redemption 2
- Shadow of the Tomb Raider
වසරේ හොඳම Role-Playing Game එක - Monster Hunter: World
විවිධ ආකාරයේ චරිත විදිහට රඟපාන්න ගොඩාක් අය ආසයි. ඒ ආසාවට ඉඩ ලබදෙන RPGs වලින් හොඳම game එක විදිහට මේ අවුරුද්දේ ජයග්‍රහණය කලේ Monster Hunter: World.
මේ අවුරුද්දේ මේ සම්මානයට නම් කරපු games ටික වෙන්නේ,
- Dragon Quest XI: Echoes of Elusive Age
- Monster Hunter: World
- Ni no Kuni II: Revenant Kingdom
- Octopath Traveller
- Pillars of Eternity: Deadfire
වසරේ හොඳම Fighting Game එක - Dragon Ball FighterZ
Fighting games හරිම විනෝදයි. එවැනි games ගොඩාක් මේ අවුරුද්දේ release උනා. e අතරින් හොඳ game එක විදිහට සම්මානය දින ගත්තේ Dragon Ball FighterZ game එකයි.
මේ අවුරුද්දේ මේ සම්මානයට නම් කරපු games ටික වෙන්නේ,
- BlazBlue: Cross Tag Battle
- Dragon Ball FighterZ'
- Soul Calibur VI
- Street Fighter V: Arcade Edition
වසරේ හොඳම Family Game එක - Overcooked 2
පවුලේ කීපදෙනෙක් එක්ක එකතු වෙලා ගහන්න පුලුවන් games වලට හැමෝම කැමතියි. ඒ වගේ games වලින් හොඳම game එක විදිහට නම් උනේ Overcooked 2.
මේ අවුරුද්දේ මේ සම්මානයට නම් කරපු games ටික වෙන්නේ,
- Mario Tennis Aces
- Nintendo Labo
- Overcooked 2
- Starlink: Battle for Atlas
- Super Mario Party
වසරේ හොඳම Strategy Game එක - Into the Breach
තීරණ ගැනීමේ හැකියාව දියුණු කරන games විදිහට strategy games ඉතා ප්‍රසිද්දයි. මේ වසරේ හොඳම strategy game එක උනේ Into the Breach game එකයි.
මේ අවුරුද්දේ මේ සම්මානයට නම් කරපු games ටික වෙන්නේ,
- The Banner Saga 3
- BATTLETECH
- Frostpunk
- Into the Breach
- Valkyria Chronicles 4
වසරේ හොඳම Sports/Racing Game එක - Forza Horizon 4
Racing games වගේම sports games නුත් ගොඩක් අයගේ ආදරය දින ගෙන තියෙනවා. මේ සම්මානය දින ගන්න මේ අවුරුද්දේ සමත් උනේ Forza Horizon 4 game එකයි.
මේ අවුරුද්දේ මේ සම්මානයට නම් කරපු games ටික වෙන්නේ,
- Fifa 19
- Forza Horizon 4
- Mario Tennis Aces
- NBA 2k19
- Pro Evolution Soccer 2019
වසරේ හොඳම Multiplayer Game එක - Fortnite
Games හොඳම වෙන්නේ ඒවා යාලුවොත් එක්ක ගහද්දි. මේක නිසා Multiplayer games ගොඩාක් ප්‍රසිද්දයි. e අතරින් මේ අවුරුද්දේ ප්‍රමුකත්වය ලබාගත්තේ Fortnite game එකයි.
මේ අවුරුද්දේ මේ සම්මානයට නම් කරපු games ටික වෙන්නේ,
- Call of Duty: Black Ops 4
- Destiny 2: Forsaken
- Fortnite
- Monster Hunter: World
- Sea of Thieves
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් නිර්මාණය කරපු වසරේ හොඳම Game එක - Combat 2018
මේ අවුරුද්දේ මේ සම්මානයට නම් කරපු games ටික වෙන්නේ,
- Combat 2018
- Dash Quasar
- JERA
- LIFF
- RE: Charge
මේ අතරින් ජයග්‍රහණය කලේ Inland Norway University of Applied Science - Norway විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කරපු Combat 2018.
මේ වගේම තවත් සම්මාන ගොඩක් තව තියෙනවා. ඒවා අපි ඊළඟ post එකේ විස්තර කරන්නම්.












Comments
Post a Comment