2018 හොඳම Games | හතරවන කොටස - Games of the Year 2018 | Part 4 (The Game Awards 2018)



අපි මේ අවුරුද්දේ Game Awards ගැන දැනට ඔක්කොම විස්තර වගේ කතා කරලා තියෙන්නේ. හැබැයි ප්‍රධානම දේ ගැන තම කතා කරේ නෑ. ඒ තමයි වසරේ හොඳම game එකට හම්බවෙන සම්මානේ. මේ සම්මානය ලබාගන්න එක තමයි ඕනෙම game development team එකක සිහිනය. ඒත් මේක ලබාගන්න එක ලේසි පහසු වැඩක් නෙමෙයි.

මේ අවුරුද්දේත් මේ සම්මානයට game 6ක් නම් කරා. අපි ඒ එක එකක් ගැන දැන ගනිමු.

Assassin's Creed: Odyssey


Assassin's Creed game series එකේ 11 වෙනි ප්‍රධාන game එක වෙන Assassin's Creed: Odyssey ගැන දන්නේ නැති කෙනෙක් නැති තරම්. Assassin's Creed: Origins වල gameplay එකත් එක්ක පුරාණ ග්‍රීසියේ සිද්දවන Odyssey වලට හැමෝගේම ඇස යොමු උනේ ඒ වගේ වෙන කිසිම game එකක් කවුරුවත් දැකල තිබ්බ නැති නිසා.

කලින් ආපු Assassin's Creed game වලට සාපේක්ෂව බලන කොට මේ game එක ගොඩක් දුරට RPG (Role-Playing Game) එකක් කිව්වට වැරදි නෑ. ගැහැණු හා පිරිමි චරිත දෙකෙන් එකක් තෝරාගෙන තමන් කැමති playstyle එකට ගැලපෙන විදිහට customize කරගන්න පුළුවන්. විවිධ ආකාරයේ weapons සහ skills වගේ දේවල් නිසා game එක දහපාරක් ගැහුවත් ගහන්න වෙන්නේ දහ විදිහකට.

Graphics අතින් සැලකුවොත් මේ game එක ගැන කිසිම වැරද්දක් කියන්න බෑ. හරිම ලස්සන ලෝකයක් ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා. ඊට අමතරව ග්‍රීක දෙවිවරුන්ගේ අභාෂය game එකේ තියෙන නිසා ගොඩක් අය මේ game එකට කැමති උනා.

Celeste


මේ list එකේ තියෙන විශේෂම game වලින් එකක් තමයි මේක. Celeste කියන්නේ Indie game එකක්. ඒ කියන්නේ ඉතා කුඩා කණ්ඩායමක් විසින් නිර්මාණය කරපු game එකකට. මේ games ගොඩක් වෙලාවට graphics වලින් එච්චරම හොඳ නෑ. නමුත් Celeste හරිම ලස්සන game එකක්. මොකද එක 3D Graphics නැතිව 2D Graphics පාවිච්චි කරලා තියෙන නිසා.

Celeste platforming game එකක්. මේ ප්‍රධාන කතාව වෙන්නේ Madeline කියන ගෑනු ළමයා Celeste Mountain කියන කන්ද නගිද්දී මුහුණ දෙන විවිධ ගැටළු වලින් බේරිලා යන හැටි. ඉතා සරල game එකක් විදිහට පෙනුනත් මේ game එකේ ඉතාමත් හොඳ කතාවක් තියෙනවා. හැම කෙනෙක්ම වගේ ගහල බලන්න ඕනේ game එකක් මේක.

God of War


PlayStation 4 වලට විතරක් ආපු මේ game එක action-adventure game එකක්. කලින් ආපු God of War games වලට වඩා වෙනස් පියවර කීපයක් ගත්ත game එක Kratos සහ ඔහුගේ පුතා වන Atreus අතර ඇති සම්බන්දය ගැන ගොඩක් දුරට විස්තර කරනවා.

මේකත් ග්‍රීක මිත්‍යා වල එන කතා වලින් ගොඩාක් අභාෂය ලබපු කතාවක්. PS4 එකක් තියෙන ඕනෙම කෙනෙක් මේ game එක ගහන්න ඕනේ.

Marvel's Spider-Man


Playstation 4 වලට විතරක් ආපු මේ list එකේ දෙවෙනි game එක වන, මේ game එක ගැන හැමෝම වගේ ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒ බලාපොරොත්තු ඔක්කොම වගේ සපුරන්න මේ game එක සමත් වෙච්ච එක තමයි හොඳම දේ.

දැනට ආපු හොඳම Superhero game එක විදිහට ගොඩක් අය පිළිගන්න මේ game එක, Spider-Man සම්බන්ද චරිත බොහොමයක් අලුත් ඇසකින් දකිනවා. විශේෂයෙන්ම Doctor Octopus ගේ චරිතයට ලොකු සාධාරණයක් කරන්න මේ game එක සමත් වෙනවා.

Open-world Spider-Man game එකක් වෙන එකත් මේකේ තියෙනවා විශේෂත්වයක්. Free Roam, Side missions වගේ පොඩි පොඩි දේවල් ගොඩක් තියෙන ලෝකයක් නිර්මාණය කරන්න මේ game developersල සමත් වෙලා තියෙනවා. එක නිසාම මේ game එක මේ list එකට එන එක පුදුමයක් නෙමෙයි.

Monster Hunter: World


මේ list එකේ තියෙන එකම full-multiplayer game එක තමි මේක. Monster Hunter game series එකට Free Roam සංකල්පය හදුන්ව දීපු මේ game එක මේ අවුරුද්දේ සිදු වෙච්ච විශේෂම දෙයක්.

Monster Hunter games වල සාමාන්යෙන් තියෙන්නේ කණ්ඩායම එක්ක එකතු වෙලා ලොකු ලොකු Monsters ලව මරණ එක. ඒ අයව loot කරලා අලුත් අලුත් items craft කරන්න පුලුවන්. මේ game එක Monster Hunter series එක ගොඩක් දියුණු කරපු game එක විදිහට තමයි මේ list එකට එකතු උනේ.

Red Dead Redemption 2


Playstation 4 සහ Xbox One වලට විතරක් තාම ඇවිල්ල තියෙන මේ game එක PC වලටත් ළඟදීම එයි කියල තමයි හැමෝම කියන්නේ. නමුත් මේකේ developers ල වන Rockstar Games නම් තම ඒ ගැන මුකුත් කියල නෑ.

Cowboy කෙනෙක් විදිහට ක්‍රියාකරන්න ඉඩ ලබාදෙන මේ game එක ලෝකය පුරාම ගොඩක් දෙනෙක්ගේ කැමැත්ත දින ගත්තා. බටහිර ඇමෙරිකාවේ, 19 ශතකයේ පැවැත්වෙන මේ game එක ඒ කාලයේ තිබ්බ ගොඩක් දේවල් නිවැරදිව නිරූපනය කරනවා.

Gun fight, Bounty Hunting, අශ්වයෝ හිලෑ කිරීම, දඩයම් වගේ ගොඩක් දේවල් තියෙන මේ game එකේ හැමකෙනෙක්ටම කරන්න දෙයක් තියෙනවා.

මේ වසරේ හොඳම game එක සම්මානයේ ජයග්‍රාහකයා

God of War



මේ විදිහට gaming ලෝකයේ එක අවුරුද්දක් ගෙවිලා ගියා. මේ වසරේ හොඳම game එක නිර්මාණය කරපු God of War development team එකට අපේ සුභ පැතුම්.

ඒ වගේම ලබන්නා නව වසර වැඩි වැඩියෙන් game ගහන්න ලැබෙන, අලුත් අලුත් PC/consoles ලැබෙන, තවත් හොඳම games release වෙන වසරක් වේවායි අපි ප්‍රර්ථනා කරනවා.

එහෙනම් ලබන අවුරුද්දේත් game ගහපන්.

Comments

Popular posts from this blog

Far Cry: New Dawn | අලුතෙන් එන පට්ටම Games | Upcoming Games

2018 හොඳම Games | පළමු කොටස - Games of the Year 2018 | Part 1 (The Game Awards 2018)