Far Cry: New Dawn | අලුතෙන් එන පට්ටම Games | Upcoming Games


ඔයාල හැමෝම වගේ ලෝක ප්‍රසිද්ධ Far Cry games series එක ගැන අහල ඇති. ඒ games list එකට අලුතෙන් ම එකතු වෙන Far Cry: New Dawn game එක ටිකක් අනිත් ඒවාට වැඩ වෙනස්. මේ game එක මොනවගේද, requirements කොහොමද වගේ විස්තර අපි මේ post එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

කතාව හා පරිසරය | Story and Setting

මේ game එක මම කලින් කිව්වා වගේ කලින් ආපු Far Cry games වලට වැඩ වෙනස්. මොකද මේක spin-off game එකක්. ඒ කිව්වේ නිකන් Far Cry: Primal වගේ; Far Cry වල gameplay එක තියෙනවා හැබැයි සාමාන්‍ය ලෝකයේ නෙමෙයි තියෙන්නේ.

මේ game එක තියෙන්නේ post-apocalyptic ලෝකයක. ඒ කියන්නේ න්‍යෂ්ටික බෝම්බය කින් විනාශ වෙච්ච ලෝකයක. මේකේ කතාව Far Cry 5 වලින් අවුරුදු 17 කට පස්සේ තමයි තියෙන්නේ. ඒ කාලය ඇතුලත න්‍යෂ්ටික බෝම්බ යුද්ධයකින් ලෝකය විනාශ වෙලා, පෘථුවිය මිනිස්සු බහුතරයක් ම මැරිලා. ඉතුරු වෙලා ඉන්න මිනිස්සු, අලුතෙන් පටන් ගන්න ලෝකෙත් එක්ක ආයෙමත් ජනාවාස ගොඩ නගමින් ඉන්නවා.

මේ විදිහට අලුතෙන් ගොඩනඟන Hope County නගරයට Highwaymen කියන කල්ලියෙන් බාධා එනවා. ඔය උඩ තිබුණු image එකේ ඉන්නේ ඒ කල්ලියේ නායකයෝ, නැත්තම් game එකේ ප්‍රධාන හතුරෝ වෙන Mickey සහ Lou.

මේ game එක ගහනකොට ගර වැටිච්ච් වර්තමාන නාග වගේම, තරමක් නව්‍යකරණය වෙච්ච තාක්ෂනය වගේ දේවල් අත්විදින්න පුලුවන්.


Gameplay

මේකේ gameplay  එක ගොඩාක් දුරට Far Cry 5 වලට සමානයි. මුළු map එකේම පයින් හරි වහනෙකින් හරි ගමන් කරන්න පුළුවන්. ඒ වගේ map එකේ තැනින් තැන enemy camp තියෙනවා; ඒවා අල්ලගත්තහම ඒ තැන් වලට fast travel කරන්න වගේ features හම්බෙනවා.

Far Cry 5 වල තිබ්බ Guns for Hire සහ Fangs or Hire කියන systems මේ game එකෙත් තියෙනවා. ඒ කියන්නේ අපිට මිනිස්සුන්ව සහ සත්තුන්ව අපේ පැත්තට ගන්න පුළුවන්.

ඒවගේම Far Cry 5 වල හිටපු ගොඩාක් චරිත මේ game එකෙත් හමබ්වෙන්න පුළුවන්. ඒ අයගෙන් විශේෂ missions, abbilities වගේ දේවල් unlock කර ගන්න පුළුවන්.


Release Dates, System Requirement, Development

Developers :- Ubisoft Montreal
Publishers :- Ubisoft
Release Date :- 15 February, 2019
Platforms :- Microsoft Windows, Xbox One, PlayStation 4

Minimum System Requirements

  • OS: Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)
  • PROCESSOR: Intel Core i5-2400 @ 3.1 GHz or AMD FX-6300 @ 3.5 GHz or equivalent
  • VIDEO CARD: NVIDIA GeForce GTX 670 or AMD R9 270 (2GB VRAM with Shader Model 5.0 or better)
  • SYSTEM RAM: 8GB

Recommended System Requiremnts

  • OS: Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)
  • PROCESSOR: Intel Core i7-4770 @ 3.4 GHz or AMD Ryzen 5 1600 @ 3.2 GHz or equivalent
  • VIDEO CARD: NVIDIA GeForce GTX 970 or AMD R9 290X (4GB VRAM with Shader Model 5.0 or better)
  • SYSTEM RAM: 8GB

Trailer


Comments

Popular posts from this blog

2018 හොඳම Games | හතරවන කොටස - Games of the Year 2018 | Part 4 (The Game Awards 2018)

2018 හොඳම Games | පළමු කොටස - Games of the Year 2018 | Part 1 (The Game Awards 2018)