2018 හොඳම Games | පළමු කොටස - Games of the Year 2018 | Part 1 (The Game Awards 2018)




2018 කියන්නේ Gamersලාට සුපිරිම අවුරුද්දක්. මේ අවුරුද්දේ ගොඩාක් හොඳ games release උනා, ඒවගේම අලුතෙන් announcements ගොඩක් තිබ්බා. මේ වගේ දේවල් සමරන්න හැම අවුරුද්දේම සංවිධානය කරන The Game Awards වැඩසටහන මේ අවුරුද්දේත් ඉතා සාර්ථකව පැවැත්වුවා. එකේදී සම්මාන දිනාගත්තු games ගැනයි අපි අද කතා කරන්නේ.

මොකද්ද The Game Awards  කියන්නේ?

The Game Awards කියන වැඩසටහන Geoff Keighley මහතා ගේ ප්‍රමුකත්වයෙන් 2014දී ආරම්භ කරපු වැඩසටහනක්. ඔහු Video Games සම්බන්දව ගොඩක් වැඩසටහන් වලට සහභාගී වෙච්ච, සමහර games නිර්මාණය කිරීමට දයක වෙච්ච, game company ඉතා වැදගත් විදිහට සලකන පුද්ගලයෙක්.

2014 සිට මේ දක්වා හැම අවුරුද්දෙම The Game Awards පවත්වනවා. එතෙනදි ඒ අවුරුද්දේ ආපු හොඳම games වලට එක එක කාණ්ඩ යටතේ සම්මාන ලබාදෙනවා.  මේ සම්මාන ලබා දෙන්නේ නිකන් ම නෙමෙයි. සම්මාන ප්‍රධාන උත්සවේට මාසෙක විතර ඉදන් ඕන කෙනෙක්ට The Game Awards website එකට ගිහින් තමන් කැමති ගමේ එකට ඒ ඒ කාණ්ඩ යටතේ මනාපය දෙන්න පුලුවන්. තව games නිර්මාණය කරන ප්‍රවීණයෝන් ගෙන් කීපදෙනෙක් විනිසුරු මඩුල්ලක් විදිහටත් ඉන්නවා. ඒ ගොල්ලොන්ගේ ඡන්දෙට වැඩි වටිනා කමක් තියෙනවා.

මිට අමතරව අලුතෙන් එන games announce කරන්නත් සමහර ආයතන මේ වැඩසටහන උපයෝගී කර ගන්නවා. මේ අවුරුද්දේ announce කරපු games ගැන දන ගන්න අපේ e සම්බන්ද පොස්ට් එක කියවන්න පලවන් ඔබට.


මේ අවුරුද්දේ සම්මාන දිනපු Games

වසරේ හොඳම on-going Game එක - Fortnite


මේ සම්මානය ලැබෙන්නේ සැරේ සැරේ අලුත් updates එකතු කරමින් game එක හැමවෙලේම අලුත් විදිහට තියාගන්න developersලාට. මේ අවුරුද්දේ මේකට නම් කරලා තිබ්බේ මේ games ටික, 
  • Destiny 2 : Forsaken
  • Fortnite
  • No Man Sky
  • Overwatch
  • Tom Clancy's Rainbow Six: Siege
ඒ අතරින් Fortnite මේ වසරේ ජයග්‍රහණය කරා.

වසරේ හොඳම අධ්‍යක්ෂණය ලැබුණු Game එක - God of War


මේ සම්මානය ලැබෙන්නේ game එකේ නිර්මාණය සම්බන්දව නව්‍යකරණයන් සිදු කරපු developersලාට.මේ අවුරුද්දේ මේකට නම් කරලා තිබ්බේ මේ games ටික,
  • A Way Out
  • Detroit: Become Human
  • God of War
  • Marvel's Spider-Man
  • Red Dead Redemption 2
මේකෙන් මේ වසරේදී ජයග්‍රහණය කරේ God of War.

වසරේ හොඳම කතාව තිබුණු Game එක - Red Dead Redemption 2


මේ සම්මානය ලැබුනේ හොඳම කතාවක් තිබ්බ game එකට. මේ අවුරුද්දේ මේකට නම් කරලා තිබ්බේ මේ games ටික,
  • Detroit: Become Human
  • God of War
  • Life is Strange 2:Episode 1
  • Marvel's Spider-Man
  • Red Dead Redemption 2
මේ සම්මානය ලැබුනේ Red Dead Redemption 2 වලට.

වසරේ හොඳම කලා අධ්‍යක්ෂණය තිබ්බ Game එක - Return of the Obra Dinn


මේ සම්මානේ ලබාදුන්නේ මේ අවුරුද්දේ අපු කලාත්මක ම game එකට. මේ අවුරුද්දේ මේකට නම් කරලා තිබ්බේ මේ games ටික,
  • Assassin's Creed Odyssey
  • God of War
  • Octopath Traveler
  • Red Dead Redemption 2
  • Return of the Obra Dinn
මේ අතරින් මේ ඖරුද්දේ ජයග්‍රාහකයා උනේ Return of the Obra Dinn.

වසරේ හොඳම සංගීත තිබ්බ Game එක - Red Dead Redemption 2


මේ කාණ්ඩයට අයිති උනේ හොඳම music තිබ්බ games ටික. මේ අවුරුද්දේ මේකට නම් කරලා තිබ්බේ මේ games ටික,
  • Celeste
  • God of War
  • Marvel's Spider-Man
  • Ni no Kuni II: Revenant Kingdom
  • Octopath Traveller
  • Red Dead Redemption 2
Red Dead Redemption 2 මේ අවුරුද්දේ ජයග්‍රහණය කරා.

වසරේ හොඳම ශබ්ද නිර්මාණය තිබ්බ Game එක - Red Dead Redemption 2


මේ සම්මනය ලබ්දුන්නේ හොඳම ශබ්ද නිර්මාණය සහ අධ්‍යක්ෂණය තිබිච්ච game එකට. මේ අවුරුද්දේ මේකට නම් කරලා තිබ්බේ මේ games ටික,
  • Call of Duty: Black Ops 4
  • Forza Horizon 4
  • God of War
  • Marvel's Spider-Man
  • Red Dead Redemption 2
මේ අතරින් ජයග්‍රහණය කරේ Red Dead Redemption 2.

වසරේ හොඳම Game එකක් සඳහා රඟපෑ රංගන ශිල්පියා - Roger Clark


මේ සම්මනය ලබා දුන්නේ හඬ කැවීම, motion capture වගේ අංශ වලින් හොඳම රඟපෑම දැක්වූ පුද්ගලයට.
මේ අවුරුද්දේ මේකට නම් කරලා තිබ්බේ මේ පුද්ගලයින්,
  • Bryan Dechart (Connor - Detroit: Become Human)
  • Christopher Judge (Kratos - God of War)
  • Melissanthi Mahut (Kassandra - Assassin's Creed Odyssey)
  • Roger Clark (Arthur Morgan - Red Dead Redemption 2)
  • Yuri Lownethal (Peter Parker - Marvel's Spider-Man)
මේ සම්මනය ලැබුනේ Red Dead Redemption 2 වල Arthur Morganට හඬ කැවූ Roger Clark මහතාට.

වසරේ ලොකුම බලපෑමක් ඇති කල Game එක - Celeste


මේ සම්මානය ලබා දුන්නේ මේ වසරේ බුද්ධි කලම්බනයක් ඇති කරපු game එකට. මේ අවුරුද්දේ මේකට නම් කරලා තිබ්බේ මේ games ටික,
  • 11-11 Memories Retold
  • Celeste
  • Florence
  • Life is Strange 2: Episode 1
  • The Missing JJ: Macfield and the Island of Memories
මේ අතරින් Celeste ජයග්‍රහණය කලා.

තවත් මේ වගේ සම්මාන ගොඩක් තියෙනවා. ඒවා අපේ ඊළඟ post එකේ ඔයාලට බලාගන්න ලැබෙයි.
එතකන් ගහෝන් game!

Comments

Popular posts from this blog

2018 හොඳම Games | හතරවන කොටස - Games of the Year 2018 | Part 4 (The Game Awards 2018)

Far Cry: New Dawn | අලුතෙන් එන පට්ටම Games | Upcoming Games