2018 හොඳම Games | තුන්වන කොටස - Games of the Year 2018 | Part 3 (The Game Awards 2018)
අපි කලින් post වලදී The Game Awards ගැන කතා කරා. Game production වලට අයිති සම්මාන ගැන අපි පළමු කොටසේදී විස්තර කරා. ඒ post එකට යන්න මේ link එක click කරන්න. දෙවෙනි කොටසේදී අපි විවිධ game ආරක (Genres) වලට අදාල සම්මාන ගැන විස්තර කරා ඒ post එකට මේ link එක click කරලා යන්න පුලුවන්.
මේ තුන්වන කොටසින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ E-sports සම්බන්ධ සම්මාන ගැනයි. E-Sports කියන්නේ ඉතා තරඟකාරී games තරගාවලි වලටයි. මේ තරඟාවලි වලට playersලා teams වශයෙන් ඉදිරිපත් වෙනවා. ඒවගේම මේ තරඟාවලි ජයග්‍රහණය කරාම ලොකු තෑගි මුදලක් ලැබෙනවා. අපි එහෙනම් මේ අවුරුද්දේ E-Sports සම්මාන ගැන කතා කරමු.
වසරේ හොඳම E-Sports game එක - Overwatch
මේ සම්මානය ලබා දුන්නේ E-sports තරඟ පවතවාගෙන යාමට වඩාත් සුදුසු game එකක් වගේම බලාසිටින ප්‍රේක්ෂකයන්ටත් කුතුහලය ඇති කිරීමට හොඳින්ම සමත් වෙච්ච game එකටයි. මේ අවුරුද්දේ මේ සම්මානයට නම් කරපු games වෙන්නේ,
- Counter Strike: Global Offensive
- DotA 2
- Fortnite
- League of Legends
- Overwatch
මේ වසරේ සම්මානය දිනාගත්තේ Overwatch ය.
වසරේ හොඳම E-Sports Player - SonicFox
මේ සම්මානය ලබාදුන්නේ මේ අවුරුද්දේ වඩාත් කැපී පෙනුණු E-sports තරුවටයි. මේ සම්මානයට නම් කරපු පුද්ගලයින් වෙන්නේ,
- Dominique "SonicFox" McLean
- Hajime "Tokido" Taniguchi
- Jian "Uzi" Zi-Hao
- Oleksandr "s1mple" Kostyliev
- Sung-hyeon "JJoNak" Bang
මේ අතාරින් ජයග්‍රාහකයා වුනේ Dominique McLean නොහොත් "SonicFox" විසිනි.
වසරේ හොඳම E-sports Team එක - Cloud9
මේ සම්මානය ලැබුනේ වසරේ හොඳම E-sports team එකටයි. ඒ සඳහා නම් කර තිබුනේ,
- Astralis
- Cloud9
- Fnatic
- London Spitfire
- OG
මේ අතරින් ජයග්‍රණය කලේ Cloud9 කණ්ඩායමයි.
වසරේ හොඳම E-sports Coach - Reapered
සාමාන්‍ය ක්‍රීඩා වලදී වගේ E-sports වලත් පුහුණු කරුවන් සිටිනවා. මොවුන් අතරින් මේ සම්මානය දිනාගන්න නම් වුනේ,
- Bok "Reapered" Han-gyu
- Cristian "ppasarel" Bănăseanu
- Danny “zonic” Sørensen
- Dylan Falco
- Jakob “YamatoCannon” Mebdi
- Janko “YNk” Paunovic
මේ අතරින් මෙම සම්මානය Reapered නොහොත් Bok Han-gyu wවිසින් දින ගත්තා.
වසරේ හොඳම E-sports Event එක - League of Legends World Championship
මේ සම්මානය ලැබුනේ ලොකුම වගේ ම හොඳම E-sports event එකටයි. එයට නම් වුනු events වෙන්නේ,
- ELEAGUE Major: Boston 2018
- EVO 2018
- League of Legends World Championship
- Overwatch League Grand Finals
- The International 2018
League of Legends World Championship මේ සම්මානය දිනාගනු ලැබුවා.
වසරේ හොඳම E-sports Host - Sjokz
මේ සම්මානයට නම් වී තිබුනේ,
- Alex “Goldenboy” Mendez
- Alex “Machine” Richardson
- Anders Blume
- Eefje “Sjokz” Depoortere
- Paul “RedEye” Chaloner
වසරේ හොඳම Content Creator - Ninja
මේ සම්මානය ලබා දුන්නේ Youtube/Twitch වගේ platform වල වඩාත් අපි පෙනුණු game තරුවටයි. මේ සම්මානයට නම් වී තිබුනේ,
- Dr. Lupo
- Myth
- Ninja
- Pokimane
- Willyrex
මේ අහරින් Twitch තරුවක් වන Ninja මේ සම්මානය දින ගත්තා.
මෙසේ E-sports සම්බන්ද කොටස නිමා වෙනවා. ඊළඟ කොටසේදී අපි සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙන්නේ එක සම්මානයක් ගැන විතරයි. ඒ Game of The Year නොහොත් වසරේ හොඳම game එකයි. ඒ ගැන දැනගන්න ඊළඟ කොටස කියවන්න.
එතකන් game ගහපන්!








Comments
Post a Comment