Posts

Featured

2018 හොඳම Games | පළමු කොටස - Games of the Year 2018 | Part 1 (The Game Awards 2018)

Image
2018 කියන්නේ Gamersලාට සුපිරිම අවුරුද්දක්. මේ අවුරුද්දේ ගොඩාක් හොඳ games release උනා, ඒවගේම අලුතෙන් announcements ගොඩක් තිබ්බා. මේ වගේ දේවල් සමරන්න හැම අවුරුද්දේම සංවිධානය කරන The Game Awards වැඩසටහන මේ අවුරුද්දේත් ඉතා සාර්ථකව පැවැත්වුවා. එකේදී සම්මාන දිනාගත්තු games ගැනයි අපි අද කතා කරන්නේ. මොකද්ද The Game Awards  කියන්නේ? The Game Awards කියන වැඩසටහන Geoff Keighley මහතා ගේ ප්‍රමුකත්වයෙන් 2014දී ආරම්භ කරපු වැඩසටහනක්. ඔහු Video Games සම්බන්දව ගොඩක් වැඩසටහන් වලට සහභාගී වෙච්ච, සමහර games නිර්මාණය කිරීමට දයක වෙච්ච, game company ඉතා වැදගත් විදිහට සලකන පුද්ගලයෙක්. 2014 සිට මේ දක්වා හැම අවුරුද්දෙම The Game Awards පවත්වනවා. එතෙනදි ඒ අවුරුද්දේ ආපු හොඳම games වලට එක එක කාණ්ඩ යටතේ සම්මාන ලබාදෙනවා.  මේ සම්මාන ලබා දෙන්නේ නිකන් ම නෙමෙයි. සම්මාන ප්‍රධාන උත්සවේට මාසෙක විතර ඉදන් ඕන කෙනෙක්ට The Game Awards website එකට ගිහින් තමන් කැමති ගමේ එකට ඒ ඒ කාණ්ඩ යටතේ මනාපය දෙන්න පුලුවන්. තව games නිර්මාණය කරන ප්‍රවීණයෝන් ගෙන් කීපදෙනෙක් විනිසුරු මඩුල්ලක් විදිහටත් ඉන්නවා. ඒ ගොල්ලොන්ගේ ඡ...

2018 හොඳම Games | හතරවන කොටස - Games of the Year 2018 | Part 4 (The Game Awards 2018)

Image
අපි මේ අවුරුද්දේ Game Awards ගැන දැනට ඔක්කොම විස්තර වගේ කතා කරලා තියෙන්නේ. හැබැයි ප්‍රධානම දේ ගැන තම කතා කරේ නෑ. ඒ තමයි වසරේ හොඳම game එකට හම්බවෙන සම්මානේ. මේ සම්මානය ලබාගන්න එක තමයි ඕනෙම game development team එකක සිහිනය. ඒත් මේක ලබාගන්න එක ලේසි පහසු වැඩක් නෙමෙයි. මේ අවුරුද්දේත් මේ සම්මානයට game 6ක් නම් කරා. අපි ඒ එක එකක් ගැන දැන ගනිමු. Assassin's Creed: Odyssey Assassin's Creed game series එකේ 11 වෙනි ප්‍රධාන game එක වෙන Assassin's Creed: Odyssey ගැන දන්නේ නැති කෙනෙක් නැති තරම්. Assassin's Creed: Origins වල gameplay එකත් එක්ක පුරාණ ග්‍රීසියේ සිද්දවන Odyssey වලට හැමෝගේම ඇස යොමු උනේ ඒ වගේ වෙන කිසිම game එකක් කවුරුවත් දැකල තිබ්බ නැති නිසා. කලින් ආපු Assassin's Creed game වලට සාපේක්ෂව බලන කොට මේ game එක ගොඩක් දුරට RPG (Role-Playing Game) එකක් කිව්වට වැරදි නෑ. ගැහැණු හා පිරිමි චරිත දෙකෙන් එකක් තෝරාගෙන තමන් කැමති playstyle එකට ගැලපෙන විදිහට customize කරගන්න පුළුවන්. විවිධ ආකාරයේ weapons සහ skills වගේ දේවල් නිසා game එක දහපාරක් ගැහුවත් ගහන්න වෙන්නේ දහ...

Far Cry: New Dawn | අලුතෙන් එන පට්ටම Games | Upcoming Games

Image
ඔයාල හැමෝම වගේ ලෝක ප්‍රසිද්ධ Far Cry games series එක ගැන අහල ඇති. ඒ games list එකට අලුතෙන් ම එකතු වෙන Far Cry: New Dawn game එක ටිකක් අනිත් ඒවාට වැඩ වෙනස්. මේ game එක මොනවගේද, requirements කොහොමද වගේ විස්තර අපි මේ post එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කතාව හා පරිසරය | Story and Setting මේ game එක මම කලින් කිව්වා වගේ කලින් ආපු Far Cry games වලට වැඩ වෙනස්. මොකද මේක spin-off game එකක්. ඒ කිව්වේ නිකන් Far Cry: Primal වගේ; Far Cry වල gameplay එක තියෙනවා හැබැයි සාමාන්‍ය ලෝකයේ නෙමෙයි තියෙන්නේ. මේ game එක තියෙන්නේ post-apocalyptic ලෝකයක. ඒ කියන්නේ න්‍යෂ්ටික බෝම්බය කින් විනාශ වෙච්ච ලෝකයක. මේකේ කතාව Far Cry 5 වලින් අවුරුදු 17 කට පස්සේ තමයි තියෙන්නේ. ඒ කාලය ඇතුලත න්‍යෂ්ටික බෝම්බ යුද්ධයකින් ලෝකය විනාශ වෙලා, පෘථුවිය මිනිස්සු බහුතරයක් ම මැරිලා. ඉතුරු වෙලා ඉන්න මිනිස්සු, අලුතෙන් පටන් ගන්න ලෝකෙත් එක්ක ආයෙමත් ජනාවාස ගොඩ නගමින් ඉන්නවා. මේ විදිහට අලුතෙන් ගොඩනඟන Hope County නගරයට Highwaymen කියන කල්ලියෙන් බාධා එනවා. ඔය උඩ තිබුණු image එකේ ඉන්නේ ඒ කල්ලියේ නායකයෝ, නැත්තම් game එකේ ප්‍රධාන...

2018 හොඳම Games | තුන්වන කොටස - Games of the Year 2018 | Part 3 (The Game Awards 2018)

Image
අපි කලින් post වලදී The Game Awards ගැන කතා කරා. Game production වලට අයිති සම්මාන ගැන අපි පළමු කොටසේදී විස්තර කරා. ඒ post එකට යන්න මේ link එක click කරන්න. දෙවෙනි කොටසේදී අපි විවිධ game ආරක (Genres) වලට අදාල සම්මාන ගැන විස්තර කරා ඒ post එකට මේ link එක click කරලා යන්න පුලුවන්. මේ තුන්වන කොටසින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ E-sports සම්බන්ධ සම්මාන ගැනයි. E-Sports කියන්නේ ඉතා තරඟකාරී games තරගාවලි වලටයි. මේ තරඟාවලි වලට playersලා teams වශයෙන් ඉදිරිපත් වෙනවා. ඒවගේම මේ තරඟාවලි ජයග්‍රහණය කරාම ලොකු තෑගි මුදලක් ලැබෙනවා. අපි එහෙනම් මේ අවුරුද්දේ E-Sports සම්මාන ගැන කතා කරමු. වසරේ හොඳම E-Sports game එක - Overwatch මේ සම්මානය ලබා දුන්නේ E-sports තරඟ පවතවාගෙන යාමට වඩාත් සුදුසු game එකක් වගේම බලාසිටින ප්‍රේක්ෂකයන්ටත් කුතුහලය ඇති කිරීමට හොඳින්ම සමත් වෙච්ච game එකටයි. මේ අවුරුද්දේ මේ සම්මානයට නම් කරපු games වෙන්නේ, Counter Strike: Global Offensive DotA 2 Fortnite League of Legends Overwatch මේ වසරේ සම්මානය දිනාගත්තේ Overwatch ය. වසරේ හොඳම E-Sports Player - SonicFox ...

2018 හොඳම Games | දෙවන කොටස - Games of the Year 2018 | Part 2 (The Game Awards 2018)

Image
අපේ කලින් post එකේදී අපි The Game Awards ගැනත් සම්මාන දිනපු games ගැන විස්තර කලා. ඒ වගේම තව සම්මාන කීපයක් ගැන මේ post එකේදී කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කලින් post එක කියවන්න ඕනේ නම් මේ link එක click කරන්න. වසරේ හොඳම Independent Game එක - Celeste මේ කාණ්ඩයෙන් සම්මාන ලබා දෙන්නේ කුඩා company එකකින් හදපු games වලට. මේ games ගොඩාක් වෙලාවට හදන්නේ 10 දෙනෙක් වගේ ඉතා කුඩා කණ්ඩායමකින්, සමහර විට තනි පුද්ගලයෙක් වෙන්නත් පුලුවන්. මේ අවුරුද්දේ මේ සම්මානයට නම් කරපු games ටික වෙන්නේ, Celeste Dead Cells Into the Breach Return of the Obra Dinn The Messenger මේ අතරින් Celeste මේ සම්මානය දිනා ගත්තා. වසරේ හොඳම Mobile Game එක - Florence මේ සම්මානය ලබා දුන්නේ වසරේ හොඳම Mobile game එකට. Android, IOS වගේ platforms වලට ආපු games මේකට නම් කරා. මේ අවුරුද්දේ මේ සම්මානයට නම් කරපු games ටික වෙන්නේ, Donut County Florence Fortnite PUBG Mobile Reigns: Game of Thrones මේ අතරින් Florence ජයග්‍රහණය කරා. වසරේ හොඳම VR/AR Game එක - ASTRO BOT Rescue Mission ලෝකය මවිත ක...