2018 හොඳම Games | හතරවන කොටස - Games of the Year 2018 | Part 4 (The Game Awards 2018)
අපි මේ අවුරුද්දේ Game Awards ගැන දැනට ඔක්කොම විස්තර වගේ කතා කරලා තියෙන්නේ. හැබැයි ප්‍රධානම දේ ගැන තම කතා කරේ නෑ. ඒ තමයි වසරේ හොඳම game එකට හම්බවෙන සම්මානේ. මේ සම්මානය ලබාගන්න එක තමයි ඕනෙම game development team එකක සිහිනය. ඒත් මේක ලබාගන්න එක ලේසි පහසු වැඩක් නෙමෙයි. මේ අවුරුද්දේත් මේ සම්මානයට game 6ක් නම් කරා. අපි ඒ එක එකක් ගැන දැන ගනිමු. Assassin's Creed: Odyssey Assassin's Creed game series එකේ 11 වෙනි ප්‍රධාන game එක වෙන Assassin's Creed: Odyssey ගැන දන්නේ නැති කෙනෙක් නැති තරම්. Assassin's Creed: Origins වල gameplay එකත් එක්ක පුරාණ ග්‍රීසියේ සිද්දවන Odyssey වලට හැමෝගේම ඇස යොමු උනේ ඒ වගේ වෙන කිසිම game එකක් කවුරුවත් දැකල තිබ්බ නැති නිසා. කලින් ආපු Assassin's Creed game වලට සාපේක්ෂව බලන කොට මේ game එක ගොඩක් දුරට RPG (Role-Playing Game) එකක් කිව්වට වැරදි නෑ. ගැහැණු හා පිරිමි චරිත දෙකෙන් එකක් තෝරාගෙන තමන් කැමති playstyle එකට ගැලපෙන විදිහට customize කරගන්න පුළුවන්. විවිධ ආකාරයේ weapons සහ skills වගේ දේවල් නිසා game එක දහපාරක් ගැහුවත් ගහන්න වෙන්නේ දහ...